Home » මධ්‍යම කඳුකරයට දැඩි සුළං ගස් කඩා වැටීමෙන් දෙදෙනෙකුට තුවාල

මධ්‍යම කඳුකරයට දැඩි සුළං ගස් කඩා වැටීමෙන් දෙදෙනෙකුට තුවාල

by yasara
December 28, 2023 11:50 am 0 comment

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට සවුක්ක ගසක් කඩා වැටිමෙන්  එම කාන්තාවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ දැඩි සුලං තත්ත්වයක් පවතින අතර , දැඩි සුලං තත්ත්වයත් සමග අද (28)  උදෑසන 10.30 ට පමණ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් මතට ගස කඩා වැටි ඇති බවත්, ඉන් වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කල බවයි වතු පාලන අධිකාරිය කියා සිටියේ.

පවතින දැඩි සුලං තත්ත්වයත් සමග හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථාන බල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහන් පද්ධති වලට ගස් සහ අතු කඩා වැටිම හේතුවෙන් වරින් වර විදුලි බලය විසන්ධි වු බවද ප්‍රදේශවාසීන් පවසයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT