Home » පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

by yasara
December 28, 2023 9:06 am 0 comment

weather

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-40 පමණ තරමක තද සුළං ඇති විය හැක.

මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT