Home » පළාත් පාලන ආයතන ඩිජිටල් කරණයේ පළමු පියවර අකුරණදී දියත් කෙරේ

පළාත් පාලන ආයතන ඩිජිටල් කරණයේ පළමු පියවර අකුරණදී දියත් කෙරේ

by yasara
December 27, 2023 3:46 pm 0 comment

රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම සදහා ගෙන යන ගමනේ පළාත් පාලන ආයතන ඩිජිටල් කරණය සදහා වන වැඩසටහනේ පළමු අදියර වන වරිපනම් ආදී ගෙවීම් කටයුතු මාර්ගගත කිරීමේ පහසුකම් ජනසතු කිරීම මහනුවර අකුරණ ප්‍රාදේශීය සභාවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු.ගමගේ මහතා ප්‍රධානත්වයෙන් පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර , මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් හා හාරිස්පත්තු ආසන සංවර්ධන කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වෙයෙන් පසුගිය  23දින සිදුවිය.

පළාත් පාලන ආයතන සියලුම පුරවැසියන් වඩාත්ම ලඟින් බැඳී ඇති රාජ්‍ය ආයතනයන් වන අතර මෙකි ඩිජිටල් කරන පහසුකම් සංවර්ධනය යටතේ එහි සේවා ලාභීන්ගේ පහසුව උදාවනවා පමණක් නොව එතුලින් රාජ්‍ය සේවය කළමනා කරණය වඩා පහසු වන බවත් මෙම ඩිජිටල් පහසුකම් ලබා දීම සදහා කිසිදු රජයේ මුදල් භාවිත නොකළ බවත් ඒ සදහා කැපවුන සේවක මහතුන්ගේ දක්ෂතාව මත එළිදකින්නක් බවත් මෙහිදී  පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කල අතර මෙම වැඩසටහන දෙසැම්බර් 31 වන විට දිවයින පුරා ක්‍රියාත්මක කිරීම තම අමාත්‍යවරයා වන  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ බලාපොරොත්තුව ඉටුවන බවත් පවසා සිටියේය

තවදුරටත් පළාතේ වත්මන් නායකත්වය වන ආණ්ඩුකාරවරයා සිය දැනුම සහ පරිනත නායකත්වය තුලින් පළාතේ සියලු ක්ෂේත්‍ර වල අභියෝගයන් ජය ගනිමින් යහපත් නිහතමානි සමාජයට වැඩදායි ගමනක් යාම තුල පළාතක් වශයෙන් ගැටළු අවම පළාතක් ලෙස පළාත් පාලන ක්ෂේත්‍රයේදී තමන් හදුනාගත් බවත් ඒ නිසාවෙන්ම ඉදිරි කාලයේදී අමාත්යංශය වෙත ලැබෙන විශේෂ ජාත්‍යන්තර සම්පත් රැසක් පළාත් ආණ්ඩුකාරවරයා හරහා පළාත් පාලන ආයතන වෙත ලබාදීමට තමන් කටයුතු කරන බවත් මෙහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටින ලදී.

පළාත් පාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් තුලින් ජනතා සේවය උපරිම අයුරින් කිරීම තුලින් තමන්ට ජනතාවගේ අවශ්‍යතා හදුනා ගැනීමට හැකියාව ලැබී ඇති බවත් එහිදී  මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් හා හාරිස්පත්තු ආසන සංවර්ධන කමිටු සම සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේය.

ඩිජිටල් කරණය තුලින් පහසුව, කාර්යක්ෂමතාව ඉහල යනවා මෙන්ම දුෂණ අක්‍රමිකතා සදහා අවස්ථා සීමිත වන බවත් නිසි අධීක්ෂණය තුලින් මේවා වැළක්විය හැකි බවත් එසේ නොමැති වීමෙන් සමහර සිද්ධීන් වාර්තාවන බවත් වැඩි දෙනෙක් කරන සේවය කිහිප දෙනකුගේ අකටයුතුකම් නිසා අගෞරවයට ලක්වන බවත් මධම පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී අදහස් දක්වමින් කියා සිටින ලදී.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන අමාත්‍යංශ අතිරේක ලේකම්,මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්, මධ්‍යම පළාත ප්‍රදේශය සභා ලේකම් වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT