කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලේ දක්වා නව දුම්රිය සේවයක් ආරම්භ කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරිමේ ව්‍යාපෘතියේ දෙවනි අදියර ලෙස මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය නවීකරණ කටයුතු ජනවාරි (7) දින සිට ආරම්භ කිරිමට නියමිත බැවින් එම මාර්ගයේ ගමන් ගත් යාල්දේවී දුම්රිය මෙලෙස කොළඹ සිට ත්‍රිකුණාමලේ දක්වා ධාවනයට යොදවා ඇත.
මෙය සීඝ්‍රගාමී දුම්රියක් වන අතර පැය 06ක් වැනි කෙටි කාලයක් තුළ ගමනාන්තයට ලගාවීමට නියමිතව ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව 5.45ට ගමන් ආරම්භා පෙ.ව 11.52ට ත්‍රිකුණාලේ දුම්රිය ස්ථානයට ලගාවීමත්, නැවත එම දුම්රිය ත්‍රිකුණාමලේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.35ට ගමන් ආරම්භ කර පස්වරු 18.39 ට කොළඔ කොටුව දුම්රිය ස්ථානයට වෙත ලගාවීමට නියමිතය.
ඉන්දියාවේ නිෂ්පාදිත වායු සමනය කල S13 බලවේග කට්ටලයක් මෙම දුම්රිය සේවාව සඳහා යොදවා ඇත.