Wednesday, April 23, 2025
Home » මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

by chanaka
December 25, 2023 7:51 am 0 comment

මේ වසර තුළ දී මේ දක්වා ශ්‍රී ලංකාවට මිලියන 1.4 කට අධික සංචාරකයින් පිරිසක් පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ඊයේ නිකුත් කරන ලද සංචාරක පැමිණීම් පිළිබඳ සතිපතා වාර්තාව පෙන්වා දෙන්නේ 2023 දෙසැම්බර් 21 වනවිට‍ මෙරටට සංචාරකයින් 1,404,998 ක් පැමිණ ඇති බවයි.

එම වාර්තාවට අනුව දෙසැම්බර් 1 සිට දෙසැම්බර් 21 දක්වා කාලය තුළ සංචාරකයින් 128,047ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

2022 වසරේ ශ්‍රී ලංකාවට මුළු වසර සඳහා පැමිණ ඇත්තේ සංචාරකයින් 719,978ක් පමණක් බව SLTDA දත්ත පෙන්වා දෙයි.

ඉන්දියාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව සහ චීනය දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි සංචාරකයන් අතර ප්‍රධාන රටවල් ය.

සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ ආදායම් උත්පාදන ආයතනයකි.

නොවැම්බර් මස අගදී, රජය එළඹෙන සමයේදී සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, තායිලන්තය, මැලේසියාව සහ ජපානය යන රටවලින් පැමිණෙන පුරවැසියන් සඳහා වීසා ගාස්තු නිදහස් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT