277
මහර සංස්කෘතික බල මණ්ඩලය මඟින් වාර්ෂිකව පවත්වන ලද නත්තල් කැරොල් ගීත ප්‍රසංගයක් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පසුගියදා පැවැත්විණි.
මෙම අවස්ථාවට කඩවත, ඇල්දෙණිය ගර්භාවාස දේවස්ථානය භාර බර්ට්‍රම් ප්‍රනාන්දු පියතුමා, මහර ප්‍රාදේශීය ලේකම් ලලිත් බණ්ඩාර, මහර සහකාර ප්‍රාදේශීය ලේකම් තුෂානි ලක්මාලී රාජපක්ෂ, මහර සංස්කෘතික නිලධාරීනි අචිනි ප්‍රනාන්දු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.