Home » මත්කුඩුවල මුදල් නොදුන්නැයි දෑත් දෙපා ගැටගසා පහර දුන් 7කට වැඩ වරදී

මත්කුඩුවල මුදල් නොදුන්නැයි දෑත් දෙපා ගැටගසා පහර දුන් 7කට වැඩ වරදී

by mahesh
December 22, 2023 1:00 am 0 comment

පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

මත්කුඩු සම්බන්ධයෙන් වූ මුදල් ආරවුලක් හේතුවෙන් නි‍ෙවසක රඳවා දෑත් දෙපා ගැටගසා පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදුන් සංවිධානාත්මක අපරාධ කල්ලික සාමාජිකයින් හත්දෙනෙකු කඩු තුනක් ඇතුළු ආයුධ සමඟ අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, කලමුල්ල සහ ලාගෝස්වත්ත ප්‍රදේශයේ පදිංචි 18, 20, 25, 27 සහ 28 වියැති පුද්ගලයන් පිරිසක් බව පොලිසිය කීය. කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් සිදු කරන අතරතුර එකී නි‍ෙවස වටලන විට නි‍ෙවසේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකු දිවගොස් ඇති බවත්, ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නි‍ෙවස පරීක්ෂා කිරීමේදී දෑත් දෙපා ගැටගසා ඉතා අමානුෂික ලෙස තියුණු ආයුධ සහ වෙනත් ක්‍රම මඟින් විවිධ උපකරණ යොදාගෙන පහරදුන් තරුණයා බේරා ගැනීමට පොලිසිය සමත්ව ඇත.

මෙම නි‍ෙවස වැඩිදුර පරීක්ෂා කිරීමේදී තරුණයාට පහරදුන් තියුණු කඩු 3ක්, හඳුනා නොගත් මත්කරල්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් කිහිපයක් සහ ඇසුරුම් උපකරණ ද සොයා ගත් බව පොලිසිය කීය. පැහැර ගැනීමට යොදා ගත් මෝටර් රථයක්, යතුරුපැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT