326
කඩවත සිරි පැල සුබසාධක අංශයේ පූර්ණ අනුග්‍රහයෙන් හා සංවිධානයෙන් කඩවත ශ්‍රී පුෂ්පාරාම දහම් පාසැලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් හා එහි ආචාර්ය මණ්ඩලය වෙනුවෙන් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයක් පසුගියදා (10) එම විහාරස්ථ ධර්මශාලාවේ දී එහි විහාරාධිපති, කැලණිය ගුරු කුල විද්‍යාලයේ සහකාර විදුහල්පති සූරිගස්වැවේ රතනපාල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබීය.
මෙයට සමගාමීව දහම් පාසල් නිල ඇඳුම් බෙදා දීමෙන් අනතුරුව සිසු දරු දැරියන් ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම දෙනා හට දිවා ආහාරය ද පිළිගන්වනු ලැබූහ.
මේ අවස්ථාවට සිරි පැල සුබසාධක අංශයේ සභාපති සෙනාන් විජේතුංග මහතා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.