Home » ෙකා්ටි දෙකක සැප රියක්: ලක්ෂ 50ක කුඩු සමඟ ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලයේ 2ක් මාට්ටු

ෙකා්ටි දෙකක සැප රියක්: ලක්ෂ 50ක කුඩු සමඟ ඩුබායි සිට මෙහෙයවූ මත්ද්‍රව්‍ය ජාලයේ 2ක් මාට්ටු

by mahesh
December 22, 2023 1:00 am 0 comment

බණ්ඩාරගම - බිමල් ජයසිංහ පොතුපිටිය - සුමිත් ප්‍රේමතිලක

ඩුබායි රාජ්‍යයේ සිට සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් හෙ‍ෙරායින් මත්කුඩු තොගයක් සහ රුපියල් කෝටි දෙකක් පමණ වටිනා සුඛෝපභෝගී ටොයොටා හැරියර් වර්ගයේ මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී හෙ‍ෙරායින් මත්කුඩු ග්‍රෑම් 347යි මිලිගෑම් 200ක් පොලිස් භාරයට ගෙන ඇත.

මොරගහහේන කෝරළඉම ප්‍රදේශයේ සුවිසල් තෙමහල් නි‍ෙවසක් තුළ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට පාණදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව එම බළකායේ බුද්ධි අංශ නිලධාරීන් වන උපපොලිස් පරීක්ෂක සඳරුවන් සහ පොලිස් සැරයන් (428) ජයලාල් නිලධාරියා යොදවා රහසිගතව තොරතුරු පරීක්ෂාවකින් අනාවරණය කර ගත් තොරතුරු අනුව ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් වැටලීම කළ බව පොලිසිය කියයි.

මීට වසර කිහිපයකට ඉහතදී පොලිස් වෙඩි පහරින් මියගිය සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රත්මලානේ රොහා’ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම් කණ්ඩායමේ නායකයෙකු වශයෙන් නම් දරා සිටින සනා නොහොත් දිනේෂ් පෙරේරා යන අය මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලය මෙරට මෙහෙයවන සැකකරු මොරගහහේන කෝරළඉම තේවත්ත පාර සුවිසල් තෙමහල් නි‍ෙවසකදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 8200ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරු ඩුබායිහි සිටින සනා නමැත්තාගේ මස්සිනා බව පොලිසිය කියයි.

වැටලීම කළ පොලිස් නිලධාරීන් සුඛෝපභෝගී නි‍ෙවස තුළ රැඳී සිටින අවස්ථාවේදී ඩුබායි රාජ්‍යයේ සිට රෝමින් තාක්ෂණය ඔස්සේ නි‍ෙවසට දුරකතන ඇමතුමක් ලබාගෙන වැටලීම සිදු නොකරන ලෙසත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුතු නි‍ෙවස සහ කෝටි 2කට අධික වටිනාකමින් යුතු මෝටර් රථය සම්බන්ධයෙන් විමර්ශනය නොකරන ලෙසත් ඩුබායි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරු වන ‘සනා’ හඬා වැලපෙමින් ආයාචනා කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සිය මස්සිනා වන සනා නමැත්තා විසින් ලබා දෙන ලද මත්ද්‍රව්‍ය කොහුවල කළුබෝවිල භාතිය මාවතේ නි‍ෙවසක පුද්ගලයකුට සඟවා තබා ගැනීමට ලබා දුන් බවට අනාවරණය කළ තොරතුරු අනුව එම නි‍ෙවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමේදී ‍ෙහරොයින් මත්කුඩු ග්‍රෑම් 339ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT