නිට්ටඹුව පොලිස් වසමේ නිෙවසකට පැන එහි තිබූ A.T.M. කාඩ්පත් තුනක් හා රුපියල් පන් දහසක මුදලක් (50,000) සොරාගෙන ගොස් එක් කාඩ් පතකින් විවිධ භාණ්ඩද ලබා ගෙන පැන ගොස් සිටි සැකකරුවෙකු ලබන ජනවාරි මස 01 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (20) පස්වරුවේ නියෝග කළේය.
සාහුල් හමීඩ් නමැත්තෙකු එසේ රිමාන්ඩ් කෙරිණි. නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සමන් තිලක මහතා කරුණු දක්වමින් සැකකරු A.T.M. කාඩ්පත් තුනක් හා රුපියල් පන් දහසක මුදලක් සොරා ගෙන ගොස් එක් කාඩ්පතකින් විවිධ භාණ්ඩ ද ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.
සොරා ගෙන ගොස් තිබූ රුපියල් පන් දහසක මුදල සැකකරු සන්තකයේ තිබී සොයා ගත් බවත්, භාණ්ඩ ලබා ගෙන ඇති බිල් පත් ද සොයා ගැනීමට හැකි වූ බවත් පොලිස් සැරයන්වරයා පවසා සිටී.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි.
මෙම නඩුව නැවත කැඳවීම ලබන ජනවාරි මස 01 වනදාට කල් තැබිණ. නිට්ටඹුව පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් සමන් තිලක මහතා පැමිණිල්ල මෙහෙයවිය.