මීරිගම ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ ගම්පහ මෝටර් රථ දෙපාර්තමේන්තුව මඟින් ඉකුත්දා විශේෂ පරීක්ෂණයකට ලක් කරනු ලැබූ අවස්ථාවේ ඉන් අඩකටත් වැඩි ප්‍රමාණයක් ධාවනයට නුසුදුසු හා අනාරක්ශිත තත්ත්වයේ ඒවා බවට අනාවරණය වී ඇත.
මෙසේ පරීක්ෂාවට ලක් කළ පාසල් බස් සහ වෑන් රථ 21ක් අතුරින් වාහන 11ක්ම ධාවනයට නුසුදුසු හා අනාරක්ෂිත තත්ත්වයේ පැවති බව හෙළි වී ඇත. එම වාහන 11ට තහනම් නියෝග ලබා දීමට ගම්පහ මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබීය. මෙම වාහන 11 අතුරින් වාහන 2ක් බරපතළ අනාරක්ශිත තත්ත්වයේ පැවැති බවත් ඇතැම් වාහනවල තිරිංග පද්ධතිය පවා ක්‍රියාත්මක නොවන බව මෙහිදී අනාවරණය විය. පාසල් ළමුන් ප්‍රවාහනය කරන ඇතැම් වෑන් රථවල ඇතුළු පැත්ත දිරාපත් වී තිබෙන අයුරු නිලධාරීන්ගේ නිරීක්ෂණට ලක් විය. මෙම වාහනවල අඩුපාඩු සකස් කර ගැනීමට දින 10ක කාලයක් ලබා දුන් අතර එසේ කිරීමට අපොහොසත් වූවොත් නඩු පැවරීමට කටයුතු කරන බව මෝටර් රථ පරීක්ෂකවරු දන්වා ඇත. අබලන් වාහනවල ආදයම් බලපත්‍ර සහ රියැදුරු බලපත්‍ර නිලධාරීන් භාරයට ගනු ලැබිණි. වාහනවල ආලෝක සංඥා නිසි ආකාරයෙන් ක්‍රියත්මක නොවීම වාහනවල හැඩය විකෘති වන අයුරින් වර්ණ ගන්වා තිබීම. ආසන නිසි ආකාරයෙන් නොතිබීම වැනි දෝෂයන් මෙහිදී අනාවරණය විය.
ගම්පහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රථ වාහන පරීක්ෂක පද්මිත සේනානායක, මීරිගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ධනන්සූරිය, පොලිස් කොස්තාපල්වරුන් වන (78417) දිසනායක, (102592) ජයසිංහ, (36435) ධම්මික යන මහත්වරු මෙම පරීක්ෂණය සඳහා එක් වී ඇත.