Monday, April 21, 2025
Home » ගම්පොළ නාවලපිටියේදී මෝටර් රථය පාරෙන් ඉවතට

ගම්පොළ නාවලපිටියේදී මෝටර් රථය පාරෙන් ඉවතට

පියා මරුට-පුතා රෝහලේ

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ගම්පොළ සමූහ - සුරංග දිල්හාන්

ගම්පොළ, නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල නව නගරයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නි‍ෙවසක මිදුලකට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පිය පුතු දෙපළකගෙන් පියා මියගොස් ඇතැයි පරීක්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසයි.

ඊයේ (21) රාත්‍රී අටට පමණ මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි

සිද්ධියෙන් මියගොස් ඇත්තේ උලපනේ සාක් ගම්මානයේ පදිංචි ලුණුවත්තේ ගෙදර නීල් රෝහණ අභයරත්න නමැති 43 හැවිරිදි අයෙකි. ඔහු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්‌කල් නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි. සිද්ධියෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දිනෙත් සුභාත් යන අය ගම්පොළ රෝහලට ඇතුළත් කොට තිබේ. මාර්ගයෙන් ඉවතට පැන ඇති මෝටර් රථය බෑවුමේ ඇති නි‍ෙවස ඉදිරිපිටට උඩුකුරුව පෙරළී ඇති අතර, එහි ගමන් ගත් දෙදෙනාම එම මෝටර් රථයෙන් එළියට පැමිණ ඇති බවත් එම නිවැසියන් පොලිසියට ප්‍රකාශ කොට ඇත.

නමුත් එසේ එළියට පැමිණි නීල් රෝහණ යන අය බිම දිගාවී ඇති බවත් පසුව මෙම දෙදෙනාම රෝහලට රැගෙන ගියද නීල් රෝහණ මෙසේ මියගොස් තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT