සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කර පාරිභෝගිකයාට අඩු මිලට සහල් දීමට රජය උත්සාහ කරන්නේ මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (20) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීවේය.
මෙවර මහ කන්නයෙන් සහල් මෙට්‍රික් ටොන් මිලියන දෙකක් ලැබීමට නියමිතයි. රටේ සහල් අවශ්‍යතාවයෙන් සියයට 80ක් මෙවර මහ කන්නයෙන් ලැබීමට නියමිතයි. මෙවැනි තත්ත්වයක සහල් ආනයනය කළහොත් සහල් කිලෝවක මිල රුපියල් 100ක් දක්වා පහළ බහිනවා. එවිට දේශීය ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත්වනවා. එමෙන්ම ආනයනය කරන සහල් වරායට පැමිණි පසු සල්ලි තිබෙන සහල් ව්‍යාපාරිකයන් අඩු මිලට සහල් තොග මිල දී ගෙන හැකි තරම් ගබඩා කර ගන්නවා. ඉන්පසු ඔවුන්ට අවශ්‍ය පරිදි මෙම සහල් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ හරහා සහල් ව්‍යාපාරිකයන් අති විශාල ලාභයක් උපයා ගන්නවා. මේ කටයුත්තෙන් සාමාන්‍ය ගොවියාට දැඩි අසාධාරණයක් වෙනවා.