Home » බදු වැඩි කිරීම මද්‍යසාර භාවිතය අවම කර ගැනීමට ඵලදායි මෙවලමක්

බදු වැඩි කිරීම මද්‍යසාර භාවිතය අවම කර ගැනීමට ඵලදායි මෙවලමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්

by mahesh
December 22, 2023 12:58 am 0 comment

නුවන් කොඩිකාර

විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුගමනය කරමින් මද්‍යසාර නිෂ්පාදනයට බඳු වැඩි කිරීම මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානිය අවම කිරීමට ඇති ඵලදායි මෙවලමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක, විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පැවැසීය.

Ape TV Academy and Creations, මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව දියත් කළ RESET Alcohol වැඩසටහනට එක්වෙමින් අබේකෝන් මහතා මේ බව සඳහන් කෙළේය.

ගලධාරී හෝටලයේදී පසුගිදා (18) පැවැති එම වැඩසටහනේදී මත්පැන් භාවිතයේ අහිතකර බලපෑම් අවම කිරීම සඳහා රටක් ලෙස ශ්‍රී ලංකාව ගන්නා උත්සහය ශක්තිමක් කිරීමට RESET Alcohol වැඩසටහන යොදාගත හැකි බවද කීවේය.

දුම්කොළ යනු මුළු ලෝකයම තුරන් කළ යුතු ඉතා හානිකර නිෂ්පාදනයක් ලෙස බොහෝ දෙනා පිළිගෙන තිබෙන බවත් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සම්බන්ධයෙන් මේ වන විට සෑහෙන පමණින් සාර්ථක වී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

මද්‍යසාර භාවිතා කිරීමේ ආරක්ෂිත මට්ටමක් හෝ සීමාවක් නොමැති බව පැවැසූ අබේකෝන් මහතා එය පිළිකාකාරයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කෙළේ මෑතකදී බව හෙතෙම පැවැසීය.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ඇලන් ලුඩොවයික් මහතා-

NATA පනත මගින් කර්මාන්ත ක්‍රියාකාරකම් පාලනය කිරීම මඟින් රටේ දරුවන් සහ තරුණයන් ආරක්ෂා කරනවා. එහෙත් සමහරු කර්මාන්ත පනතේ හිඩැස් භාවිතා කරමින් මත්පැන් ප්‍රවර්ධනය කරන අවස්ථා තිබෙනවා. රටට ප්‍රතිලාභ ලබාදෙන තාර්කික බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ ADIC/RESET Alcohol හි උපදේශක පුබුදු සුමනසේකර මහතා –

2022 වසරෙදි මත්පැන් සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2ක් වූ අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සිදුකරන ලද අධ්‍යනයකට අනුව 2023 වසරේ මත්පැන් භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ආර්ථික හානිය රුපියල් බිලියන 237ක්. මත්පැන් මඟින් රජයට ලැබෙන සුරාබදු ආදායම සහ මත්පැන් භාවිතය හේතුවෙන් සෞඛ්‍ය, ආර්ථික සහ වෙනත් ප්‍රතවිපාක හේතුවෙන් රජයට සිදුවන පාඩුව අතර පරතරය මද්‍යසාර නිෂ්පාදනය සඳහා වන විද්‍යාත්මක, තාර්කික බදු ප්‍රතිපත්තියක් හරහා පියවා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT