ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් Major General (R) Umar Farooq Burki මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක්, නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ (21) සිදුවිණි.
නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස් Major General (R) Umar Farooq Burki මහතාව, නාවික හමුදා මූලස්ථානයේදී පිළිගැනීමෙන් අනතුරුව, ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තේය.
ශ්‍රී ලංකාවේ, පාකිස්තාන මහකොමසාරිස්වරයා සිය රාජකාරී කාලසීමාව තුළදී ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් නාවික හමුදාපතිවරයා ඔහු වෙත සිය කෘතවේදීත්වය පළ කර ඉදිරි කටයුතු සඳහා ශුභාශිංසන පිරිනැමීම ද සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් ෆාරුක් මහතා ද මෙම අවස්ථාව සහභාගී විය. නාවික හමුදාපතිවරයා මෙම අවස්ථාව සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහකොමසාරිස්වරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වූහ.