124
ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නව සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා පෙරේදා (20) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.
ජෙනරල් ගුණරත්න, ඉන්දීය සහකාර ආරක්‍ෂක උපදේශකවරයා උණුසුම් ලෙස පිළිගත් අතර, සුහද සාකච්ඡාවක් ද පැවැත්වීය. මෙම අවස්ථාවේදී ආරක්‍ෂක ලේකම්වරයා ලුතිනන් කර්නල් නේගිගේ නව පත්වීම පිළිබඳව සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය සමරු තිළිණ හුවමාරු කර ගනු ලැබූ අතර, මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර මහතා ද සහභාගි විය.