විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රය අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අංගයක් බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඉදිරියේදී ස්ථාපනය කෙරෙන ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලවල විශේෂ අධ්‍යාපනය වෙනුවෙන් වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටුවන බව ද ඇමැතිවරයා පැවසීය.
විශේෂ අධ්‍යාපන තක්සේරුකරණය පිළිබඳ චක්‍රලේඛය හා උපදෙස් සංග්‍රහය එළිදැක්වීමත්, කලාප මට්ටමේ විශේෂ අධ්‍යාපන තක්සේරුකරණ කමිටු පිහිටුවීම සහ අන්තර්කරණ අධ්‍යාපනය කරා ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය එළිදැක්වීමත් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.
ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.
කහතුඩුවේ වෙනිවැල්කොළ පිහිටි විශේෂ අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕනෑ. ඉතා කුඩාම අවධියේදීම දරුවන්ගේ විශේෂ තත්ත්වයන් වෙතොත් හඳුනා ගැනීමට දියුණු රටවල තාක්ෂණය භාවිත කරමින් සකස් කළ විශේෂ ක්‍රම තිබෙනවා. අපේ රටේ තවමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කල්තියා හඳුනා ගැනීමේ ප්‍රමාද තියෙනවා. මේ ක්ෂේත්‍රයට එය විශාල බලපෑමක්. මේ වෙන විට ඔස්ට්‍රේලියාව වගේ රටවල කථන සහ ශ්‍රවණ ආබාධ තිබෙන කිසිම දරුවෙක් නෑ. අපිත් ඒ තත්ත්වයට අදියරෙන් අදියර ළඟා විය යුතුයි. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පිළිබඳ සමාජමය සංස්කෘතිමය වශයෙන් මෙරට අභියෝග රැසක් පවතිනවා. ඔවුන් වෙනුවෙන් මීට වඩා අවධානය දිය යුතුයි. පසුගිය වර්ෂ කීපයේ මෙරට ළදරු උපත් අනුපාතිකය අඩු වෙමින් පවතින වාතාවරණයකදීත් ඉපදෙන දරුවන්ගෙන් 6,000-8,000ක් අතර පිරිසක් වසරකට විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනවා. විශේෂ දරුවන් අන්තර්කරණ අධ්‍යාපනයට යොමු කිරීම වෙනුවෙන් ගුරුවරුන්, සමාජය හා පාසල, පන්ති කාමරය සූදානම් කළ යුතුයි.
ලොව බොහෝ රටවල් අතර අන්තර්කරණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ සාර්ථකත්වයක් ලබා සිටින සිංගප්පූරුවේ මේ වෙනුවෙන් ගුරුවරුන් පුහුණු කරන වෙනම ආයතන තිබෙනවා. විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ගුරු පුහුණු කටයුතු සඳහා සිංගප්පූරු රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම ද ලබා ගනිමින් විශේෂ දරුවන් කල් තියා හඳුනා ගැනීමට ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට පැමිණිය හැකි, වෙනම ආයතනයක් පිහිටුවීමට පියවර ගන්නවා. එමඟින් මූලික අවස්ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර දෙන දරුවන් සාමාන්‍ය පරිදි පළමු ශ්‍රේණියේ සිටම පාසල් වෙත ඇතුළත් කිරීමට අවස්ථාව සලසා දිය හැකියි. සමාජමය, ආර්ථික හා පෞද්ගලික හේතු මත තොරතුරු සඟවාගෙන සිටින, තොරතුරු වාර්තා නොවන පාසල් යැවිය යුතු වයසේ පසු වන නමුත් පාසල් නොයවන විශේෂ දරුවන් පිරිසක් සිටිනවා. ප්‍රාදේශීය මට්ටමින් ඔවුන් වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතුයි.