Monday, April 21, 2025
Home » රන් සම්මාන උළෙලේදී ජීවිතයට එක්වරක් පිරිනැමෙන රන් සම්මාන 12ක්

රන් සම්මාන උළෙලේදී ජීවිතයට එක්වරක් පිරිනැමෙන රන් සම්මාන 12ක්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

නිශ්ශංක විජේරත්න

ජාතික කතෝලික ලේඛක සංවිධානය විසින් සංවිධානය කළ (2023) රන් සම්මාන උලෙළ පසුගිය 16දා බුද්ධශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කිංසි පාරේ පිහිටි සෙඩෙක් ආයතන ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

කලාව, ජනසන්නිවේදනය සහ සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර වෙනුවෙන් කළ මෙහෙවර ඇගැයීමට ලක්කරමින් ජීවිතයට එක්වරක් පමණක් පිරිනැමෙන රන් සම්මානයෙන් එහිදී 12 දෙනකු පිදුම් ලැබූහ. ආචාර්ය ලාල් පුෂ්පදේව පියතුමා, ජූඩ් ක්‍රිසන්ත පියතුමා, ලෝරන්ස් ආනන්ද පියතුමා සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ෆ්‍රි කුරේ, ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය සචිත මෙන්ඩිස්, චතුරි පින්තු, ලක්ෂ්මන් ඇන්තනී පෙරේරා, අජිත් මෙන්ඩිස්, අසංක ප්‍රනාන්දු, ඇනට් මාරි ජසින්තා, වර්ජිනි පෙරේරා සහ සුරේකා නිල්මිණි ඉලංකෝන් මහත්ම යන මහත්මීහු මෙසේ සම්මානයට පාත්‍ර වූහ.

මේ රන් සම්මාන උලෙළට සමගාමීව ජාතික කතෝලික ලේඛක සංවිධානය සහ කතෝලික පර්ෂදය විසින් සංවිධානය කළ ළමා, කිතුනු, ආධුනික සහ ජාතික මට්ටමේ විවෘත සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයන් 60කට සම්මාන සහ සහතිකපත් ප්‍රදානය ද මෙදින සිදු කෙරිණි. සම්මාන උලෙළ කොළඹ අගරදගරු පදවි, ජනසන්නිවේදන සහ ජාතික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගේ අනුශාසකත්වය යටතේ ජාතික කතෝලික ලේඛක සංවිධානයේ සභාපති, ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ෆ්‍රි කුරේ ඇතුළු විධායක කමිටුව විසින් සංවිධානය කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT