122
මෙවර නත්තල සැමරීමට ලේක්හවුස් ආයතනයේ කැරොල් ගීත ගායන ප්‍රසංගය මැක්ස්වෙල් සිල්වා පියතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි. ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතීඥ මංජුල මාකුඹුර, මුදල් අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතීඥ ජනක රණතුංග මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. මරියසෙල් ගුණතිලක, වෛද්‍ය රුවන් ශ්‍රී ලාල් දල්පදාදු, විශාරද කුෂාණි සඳරේඛා මහත්ම මහත්මීන්ද මේ අවස්ථාවට ගායනයෙන් එක්ව සිටියහ. මේ එහි අවස්ථා කීපයකි.