Sunday, April 20, 2025
Home » නව කොවිඩ් ප්‍රභේදයේ ගෝලීය ව්‍යාප්තිය වේගවත්

නව කොවිඩ් ප්‍රභේදයේ ගෝලීය ව්‍යාප්තිය වේගවත්

ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

ඔමික්‍රොන් උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති කොවිඩ් වයිරසයේ JN.1 ප්‍රභේදයේ ගෝලීය ව්‍යාප්තිය වේගවත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ තත්ත්වය මත එය අවධානයට ලක් විය යුතු ප්‍රභේදයක් ලෙසත් ලැයිස්තුගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

JN.1 ප්‍රභේදය මේ වන විට ඉන්දියාව, චීනය, බ්‍රිතාන්‍යය, සිංගප්පූරුව සහ අමෙරිකාව ඇතුළු රටවල් රැසක පැතිරී තිබුණ ද, ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. එහෙත් සීත සෘතුව එලැඹී ඇති බැවින් කොවිඩ් සහ අනෙකුත් ආසාදන ඉහළ යා හැකි බවට ද අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වනවිට ලොව පුරා දීර්ඝ කාලයක සිට පවතින ඔමික්‍රොන් ප්‍රභේදයට සම්බන්ධ සෙසු ප්‍රභේද පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටී. JN.1 ප්‍රභේදය දැනට අමෙරිකාවේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රභේදය ලෙස හඳුනාගෙන ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT