Home » බලුකිස්තානයේ සාම පාගමනකට පොලිස් බැටන් ප්‍රහාරයක්

බලුකිස්තානයේ සාම පාගමනකට පොලිස් බැටන් ප්‍රහාරයක්

20 දෙනෙක් අත්අඩංගුවට

by mahesh
December 22, 2023 1:00 am 0 comment

නීතිවිරෝධී පැහැරගැනීම් සහ ඝාතනයට එරෙහිව පසුගියදා පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ පැවැති සාම පා ගමනකට පොලිසිය විසින් බැටන්පොලු ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම පා ගමන සංවිධාන කර ඇත්තේ බලුකිස්තානයේ ත්‍රස්ත මර්දන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන අනීතික පැහැරගැනීම් සහ ඝාතනවලට එරෙහිව බවත්, ඊට පොලිසිය මැදිහත්වීමට විරෝධය දැක්වීම හේතුවෙන් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිසට කාන්තාවන් ද ඇතුළත් වන අතර, පසුව එම කාන්තාවන් නිදහස් කර ඇතැයි ද වාර්තා වේ. මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රාන්ත පොලිසියේ සහකාර පොලිස් අධිකාරී රෙහ්මතුල්ලා ඩුරානි ප්‍රකාශ කර ඇත්තේ සියලු පෙළපාලි හා මහජන රැලි තහනම් කිරීමේ නිවේදනයට අවනත නොවීම හේතුවෙන් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය. ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් සහකාර පොලිස් අධිකාරිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT