Home » විනිසුරුගේ වැරැදි තීරණයෙන් අවුරුදු 48ක් සිරබත් කෑ අමෙරිකානුවා නිදහස්

විනිසුරුගේ වැරැදි තීරණයෙන් අවුරුදු 48ක් සිරබත් කෑ අමෙරිකානුවා නිදහස්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට වරදකරු කරමින් අමෙරිකාවේ ඕකහෝමා ප්‍රාන්තයේ විනිසුරුවරයකු විසින් සිදු කරනු ලැබූ වැරදි තීන්දුවක් හේතුවෙන් වසර 48ක් බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකු පසුගියදා නිදොස් කොට නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඕකහෝමා බන්ධනාගාරයේ සිය තරුණ කාලය මුළුමනින්ම ගෙවා දැමූ ග්ලයින් සිමන්ස් නමැති එම පුද්ගලයා මේ වනවිට 70 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහු නිර්දෝෂි බව පසුගියදා ඕකහෝමා අධිකරණයේ විනිසුරුවරයා තීන්දු කර තිබේ.

1974 වසරේදී ඕකහෝමා නුවර මත්පැන් ගබඩාවක සිදුවූ මංකොල්ලයක් අතරතුර ඔහු විසින් කැරොලින් රොජර්ස් නමැති කාන්තාවක් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබිණි. එවකට 22 හැවිරිදි වියෙහි පසු වූ සිමන්ස් සහ ඔහුගේ මිතුරකු වන ඩොන් රොබට්ස්ට මරණ දඬුවම නියම වූ අතර, පසුව එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් කිරීමට අධිකරණය පියවර ගෙන තිබිණි. විශේෂ සමාවක් ලබා 2008 වසරේදී ඩොන් රොබට්ස් නිදහස ලැබුව ද, සිමන්ස්ගේ සිර දඬුවම තවදුරටත් ක්‍රියාත්මක විය. සිමන්ස් මේ වන විට අක්මා පිළිකාවෙන් පෙළෙන රෝගියකු බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT