කැනඩාවේ 2019 මහමැතිවරණයේදී දේශපාලන අපේක්ෂකයන් 11 දෙනකුට චීන අනුග්‍රාහකත්වය ලබා දී ඇතැයි එරට ගවේෂණාත්මක මධ්‍යවේදියකු වන සෑම් කූපර් විසින් වාර්තාවකින් හෙළිදරවු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ටොරොන්ටෝ නුවර චීන කොන්සියුලර් කාර්යාලය විසින් එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇතැයි එම වාර්තාවෙන් අනාවරණය වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.
චීන රජය 2019 කැනඩාවේ මහමැතිවරණයේදී සියලු ආකාරයෙන් මැදිහත් වූ බවත්, එරට දේශපාලනයට චීනය විසින් අඛණ්ඩව බලපෑම් කරමින් සිටි බවත් එම වාර්තාවෙන් හෙළිදරවු වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
සෑම් කූපර්ගේ ගවේෂණාත්මක වාර්තාව තුළින් කැනඩාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ඇතුළුවීමට චීනය පුළුල් උපාය මාර්ගයක් අනුගමනය කර ඇතැයි ද, කැනේඩියානු ලිබරල් පක්ෂයට නායකත්වය දී එරට අගමැතිධුරයට ජස්ටින් ටෘඩෝ පත්වීමට චීනය පැහැදිලි අරමුණකින් කටයුතු කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.