ක්‍රිස්තු චරිතය චිත්‍රපටය තිරගත වූෙය් 1990 ඔක්තෝබර් 09 වනදාය. එය රූපගත කිරීම ආරම්භ වූයේ 80 දශකයේ වන අතර මෙහි තිර පිටපත සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද්දේ 1981 වර්ෂයේදීය.
නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දු හා සුනිල් ආරියරත්න එක්ව චිත්‍රපටය නිර්මාණය කිරීමට සූදානම් වන විට මේ සඳහා වැඩි උනන්දුවක් පැවැතියේ විජය කුමාරතුංගගේය. ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ චිත්‍රපටයක් හෙයින් ඔහු ඒ සඳහා වඩාත් උනන්දු විය. කොයිහැටි වෙතත් ආරම්භයේ සිටම බාධක පැමිණි චිත්‍රපටයක් ලෙසින් ක්‍රිස්තු චරිතය හැඳින්විය හැකිය.
චිත්‍රපටය ආරම්භයේ පටන් චිත්‍රපටයට එරෙහිව නැඟුණු උද්ඝෝෂණයන්හි කෙළවරක් නොවීය. එහිදී වඩාත් කතාබහට ලක් වූයේ ප්‍රධාන නළු භූමිකාවට එක්වූ විජය කුමාරතුංග සම්බන්ධයෙනි. මෙම උද්ඝෝෂණයන්හි ප්‍රතිඵලයක් වූෙය් 1982 වසරේදී ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය මඟින් උපදේශක කමිටුවක් පත්කිරීමයි. විජයගේ ශරීරය ක්‍රිස්තු චරිතයට ගැළපීමක් තිබේද? ‘ප්‍රධාන චරිත වෙනුවෙන් අපකීර්තියට පත් විය හැකි නළු නිළියන් යොදා නොගත යුතුය ආදී වශයෙන් කමිටුව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබිණි. විජයගේ වෘත්තීමය නළු ජීවිතය හා දේශපාලනික චරිතය අලළාද බොහෝ දෙනෙක් විවිධ කරුණු ඉදිරිපත් කර තිබූ අතර, විවිධ පාර්ශ්වයන්ගේ විරුද්ධත්වය මත කැබිනට් මණ්ඩලය විසින් 1983 මාර්තු 23 වැනිදා ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම තහනම් කරන ලදි.
කෙසේ නමුත්, අර්නස්ට් පෝරුතොට පියතුමා සහ තවත් පියනමවරු කිහිප දෙනෙක් චිත්‍රපටයට මෙන්ම විජයට පක්ෂව කරුණු ඉදිරිපත් කරමින් සටන් කළ හේතුවෙන් චිත්‍රපටයේ වැඩකටයුතු නැවත ආරම්භ කරන්නට විය. විශාල මුදලක් වියදම් කර ක්‍රිස්තු චරිතය චිත්‍රපටය අවසන් කරනාවිට ඒ සඳහා වැය කර තිබූ දළ සේයාපට ප්‍රමාණය අඩි 33,000ක් පමණ වන අතර සම්පූර්ණ චිත්‍රපටයේ දිග අඩි 13,000ක් පමණ විය.
චිත්‍රපටය පුරාම කාගේත් අවධානයට මෙන්ම කතාබහට ලක් වූ චරිතය වූයේ ක්‍රිස්තුස් වහන්සේගේ භූමිකාවට රංගනයෙන් සම්බන්ධ වූ විජය කුමාරතුංගයන් පිළිබඳවය.
චිත්‍රපටය ආරම්භ වීමටත් ප්‍රථම විජය තම හිතවතා මෙන්ම එහි නිෂ්පාදක වූ ඇලරික් ලයනල්ට පවසා ඇත්තේ ‘ක්‍රිස්තු චරිතය රඟපාල මම මළත් කමක් නැහැ’ යනුවෙනි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූ සුනිල් ආරියරත්නයන් චිත්‍රපටය තුළ විජය කවරාකාර ලෙසින් මේ සඳහා කැපවීමක් කළේද යන්න පසුකාලීනව පුවත්පත්වලට කරුණු දක්වා තිබිණි.
ළිං පවා සිඳීම
වෙස් ගැන්වීම්වලින් පසු විජයට ආහාර ගැනීමේ අපහසු අවස්ථාවන්වලදී ඔහු දියරමය ආහාරවලින් තම කුසගින්න නිවා ගන්නට විය. එමෙන්ම කන්දඋඩ දේශනාව පවත්වද්දී විජය තම අත් අකුරින්ම එය කඩදාසියක ලියා කටපාඩම් කරගත් බව ඔහු සඳහන් කර තිබිණි.
එමෙන්ම චිත්‍රපටය අතර කවර අයුරින් හෝ වේවා හාස්කම් මෙන් සිදුවීම් වූවා යැයි සඳහන් කර ඇත්තේ චිත්‍රපටයේ නිෂ්පාදක ඇලරික් ලයනල් ප්‍රනාන්දුය. ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගසන දර්ශනය රූපගත කරන කාලසමය වන විට ශ්‍රී ලංකාවේ ළිං පවා සිඳීගොස් දැඩි නියඟයකට මුහුණදුන් කාලසමයක් විය. දර්ශනය අවසානයේ වැසි සහිත කාලගුණයක් අවැසි හෙයින් කෘත්‍රිම වැසි සඳහා සියල්ල සූදානම් කර තිබිණි. එහෙත්, මේ දර්ශනය අවසන් වනවාත් සමඟ විදුලි කොටමින් මහ වැස්සක් ඇද හැලෙන්නට විය. මේ හේතුවෙන් කෘත්‍රිම වර්ෂාවක අවශ්‍යතාව ද නොතිබිණි.
මෙකී චිත්‍රපටය ආරම්භ වූයේ අද දක්නට නැති හැඳල විජය චිත්‍රාගාරයේදීය. විනාඩි 138ක් පුරා දිවෙන චිත්‍රපටය ඇලරික් ලයනල් ප්‍රනාන්දු, සුනිල් ආරියරත්න නිෂ්පාදනයෙන් හා අධ්‍යක්ෂණයෙන් එක් වූ පසු කැමරාව භාරගනු ලැබුවේ ඩොනල්ඩ් කරුණාරත්නය. සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි. චිත්‍රපටය සඳහා විශාල නළු නිළි පිරිසක් සම්බන්ධ වූ අතර, විජය කුමාරතුංග, මැණික් කුරුකුලසූරිය, නීල් අලස්, නෙතලි ඈන් ග්‍රීට්, දයානන්ද ජයවර්ධන, රෝයි ද සිල්වා, මර්වින් ජයතුංග ඉන් කිහිප දෙනෙක්.
විනෝද් චිත්‍රපට
එහෙත්, මීට වඩා වෙනස් කතාවක් කීමට තිබේ. එනම්, මෙම චිත්‍රපටයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වූ බොහොමයක් දෙනෙක් ජීවතුන් අතර නොමැති වීමයි. විජය කුමාරතුංග, ඩැනිස්ටර් පෙරේරා, ලයනල් සිල්වා, දයානන්ද ජයවර්ධන, බැප්ටිස්ට් ප්‍රනාන්දු, රෝයිද සිල්වා, සුමනා අමරසිංහ, මර්වින් ජයතුංග, විජය නන්දසිරි, වින්සන්ට් වාස්, ප්‍රේමසිරි සෝමදාස, ගේෂා පලිහක්කාර, මර්වින් බෙන්ස්, ගාමිණී ජයමාන්න, හයිසින්ත් විජේරත්න, තිස්ස විජේසුරේන්ද්‍ර, ලක්ෂ්මන් මල්ලවාරච්චි, විශාඛා සිරිවර්ධන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, ඩොනල්ඩ් කරුණාරත්න හා විල්සන් කරුණාරත්න ඉන් සමහරෙකි. චිත්‍රපටය වෙනුවෙන් මහත් හඬක් නැඟූ අර්නස්ට් පෝරුතොට පියනම ද දෙව්මවු තුරුලට ගොස් අවසන්ය.
අද ජාතික රූපවාහිනියෙන් විකාශය වන්නේ ක්‍රිස්තු චරිතයයි. විනෝද් චිත්‍රපට ඉදිරිපත් කළ ක්‍රිස්තු චරිතය චිත්‍රපටය ඇරඹෙන්නේ මෙසේය.
මීට වසර දෙදහසකට පමණ පෙරාතුව ඒ උත්තරීතර තැනැත්තා මෙලොව පහළ වූයේය. එතුමන් පහළ වූ ඒ කුරිරු කාලවකවානුව වූ කලී නොදහම දහම කොටගෙන, අවනීතිය නීතිය කොටගෙන, රාජ්‍ය පාලනය කෙරුණු යුගයක් විය. පූජක පෙළ ආගමේ නාමයෙන් ජනයා පෙළූහ. උන්වහන්සේ මෙලොව පහළ වූයේ පාලකයන් සහ පූජකයන් විසින් වපුරන ලද එම අන්ධකාරයෙන් ජනයා ගලවා ගැනීම පිණිසය. මේ වනාහි එම උත්තරීතර තැනැත්තා පිළිබඳ කතාන්දරයයි. මෙකී පූජනීය කතාන්දරය ඇරඹෙන්නේ රෝම අධිරාජ්‍යයේ පලස්තීන දේශයේ උන්වහන්සේගේ දෙමවුපියන් විසූ නාසරෙත් ග්‍රාමයෙනි” යනුවෙනි. චිත්‍රපටය නැරඹීමට පෙර මේ පිළිබඳ කතිකාවතක් ද ඔබට නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.