Tuesday, April 8, 2025
Home » ටිරාන්ට මරණ තර්ජන
තව පෝය 7කින් අපි ඔයා ගැන බලාගන්නම්

ටිරාන්ට මරණ තර්ජන

විදේශ රටක සිට දුරකතන ඇමතුමක්

by mahesh
December 22, 2023 1:00 am 0 comment

යුක්තිය මෙහෙයුම මුල් කරගෙන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ඊයේ (21) ලැබී ඇත. එම ඇමතුම ලැබී ඇත්තේ ස්ථාවර රටකට මාධ්‍ය හමුවෙන් පසු අමුත්තන්ගේ කාමරයට ටිරාන් අලස් අමාත්‍යවරයා තේ පැන් සංග්‍රහයකට ගොස් සිටියදී බව අමාත්‍යවරයාගේ සමීපතමයෙක් සඳහන් කළේය.

එම සමීපතමයා සඳහන් කළ ආකාරයට සිදුවීම මෙසේය.

ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන් සමඟ ටිරාන් අමාත්‍යවරයා තේ පානය කරමින් සිටින අතරතුර මධ්‍යහ්න 12.08ට අමාත්‍යවරයාගේ දුරකතනයට ආ ඇමතුමකට ආවේගශීලි ලෙස පිළිතුරු දෙන්නට විය. ඒ දෙස සියලු දෙනා කෘතුහලයෙන් බලා සිටින බව දුටු අමාත්‍යවරයා සිය දුරකතනයේ ස්පීකර් ඔන් කළේය.

සැණින් ක්‍රියාත්මක වූ මහිදානන්ද අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සිය දුරකතනයෙන් එම සංවාදය පටිගත කළේය.

මාධ්‍ය සාකච්ඡාව අවසන් වී විනාඩි පහක් යන්නත් පෙර විදේශ රටක සිට මරණ තර්ජන කරන්නට තරම් පාතාලය ටිරාන් අමාත්‍යවරයා ගැන අවධානයෙන් සිටින ආකාරය පිළිබඳ කතා කළ සැවොම ටිරාන්ට සිය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් ද කළේය.

කෙසේ වෙතත් ටිරාන් අමාත්‍යවරයා පැවසුවේ මොන තර්ජන ආවත් මේක මම නවත්වන්නෙ නෑ. මට ජනාධිපතිතුමා උපදෙස් දුන්නෙත් එහෙම යනුවෙනි.

එම දුරකතන ඇමතුම ලබාදුන් පුද්ගලයා මුලින්ම විමසා සිටියේ අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පාතාල නායකයන් මරා දමන බවට තර්ජනය කළේ කෙසේ ද යන්නය.

තමා ප්‍රකාශ කළේ එවැන්නක් නොව පාතාලයට එරෙහි මෙහෙයුමේදී පාතාලය පොලිසියට එරෙහිව ක්‍රියාත්මක වීමට උත්සාහ කළහොත් එවිට උපරිම බලය යෙදීමට පසුබට නොවන බව පමණක් යන්නය.

එහෙත් ඇමතුම්කරු දිගින් දිගටම ප්‍රශ්න කරමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළ බව පවසන විට අමාත්‍යවරයා කවුද ඔයාට කිව්වෙ කියා විමසූ විට ඔහු අජිත් නමැති අයකුගේ වාර්තාවක් පිළිබඳ සඳහන් කළේය.

එවිට අමාත්‍යවරයා ඔය එක එක්කෙනාගෙ කතා අහල කතා කරන්න එපා, මම කිව්ව දේ හරියට අහල කතා කරන්න කී විට ඇමතුම්කරු තව පෝය හතෙන් අපි ඔයා ගැන බලා ගන්නම් කියා පවසා ඇත. එවිට අමාත්‍යවරයා පෝය හතක් නෙමේ දෙකෙන් මම මේක ඉවර කරන්නම්, පුළුවන් දෙයක් කරන්න යැයි පවසන ලදි. අදාළ ඇමතුම්කරු ඉන්පසු මීට පෙර ආයුධ පෙන්නන්න ගොස් අපරාධකරුවන් මරා දැමූ සිදුවීම් ගැන කතා කිරීමට ගත් අතර අමාත්‍යවරයා පරණ කතා මම දන්නෙ නෑ. මම මේ මෙහෙයුම කරන්නෙ නීත්‍යනුකූල ක්‍රමයට, හැබැයි මොන බලපෑම් ආවත් නවත්තන්නෙ නෑ, පුළුවන් දෙයක් කරන්න පවසමින් දුරකතනය විසන්ධි කරන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT