Home » නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි

නත්තල් කැරොල් ගී නැරඹීමට ජනපති එක් වෙයි

by chanaka
December 21, 2023 12:36 pm 0 comment

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

විදුලි පහන් ආලෝකය දල්වා මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් විය.

ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් සිදු කළ අතර මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 23 වනදා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

අද (21) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද, හෙට (22) ශ්‍රී ලංකා යුද හමුදාව සහ දෙසැම්බර් 23 වනදා ශ්‍රී ලංකා පොලීසියේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ඇත.

ඊයේ දින පැවති ප්‍රසංගය නැරඹීමට ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT