මෑතකදී පත් කරන ලද ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් මහතා යුද හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී බදාදා (20) දින රාජකාරි භාරගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය. ඉන් අනතුරුව, එතුමන් භික්‍ෂූන් වහන්සේලා උදෙසා පිරිකර සහ ගිලන්පස පූජා කළේය.
මෙම ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්‍රථම ඔහු ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර වශයෙන් රාජකාරි හෙබවූවේය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.