යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සංකල්පයක් මත ජාතික මට්ටමින් මෙරට පැසිපන්දු ක්‍රීඩාවට නව ජීවයක් ලබා දීමේ අරමුණින් ප්‍රථම වරට පවත්වනු ලබන ‘යුද්ධ හමුදාධිපති අභියෝගතා කුසලාන පැසිපන්දු තරඟාවලිය’ ඉකුත් සිකුරාදා (15) ආරම්භ විය.
ඒ පනාගොඩ, යුද්ධ හමුදා ජනපද ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ය.
කොළඹ පැසිපන්දු සමාජය, බෆලෝස් පැසිපන්දු සමාජය, මොරටුව පැසිපන්දු සමාජය, වත්තල පැසිපන්දු සමාජය, Gaja TV පැසිපන්දු සමාජය, RBC පැසිපන්දු සමාජය, යුද්ධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව යන කණ්ඩායම් ඇතුළුව දීප ව්‍යාප්ත පැසිපන්දු කණ්ඩායම් 9 ක් තරඟාවලිය සඳහා එක් විය.
වාර්ෂිකව පැවැත්වීමට නියමිත මෙම තරඟාවලියේ මූලික අරමුණ වන්නේ පාසල් සහ ක්‍රීඩා සමාජ මට්ටමෙන් නවක ක්‍රීඩකයින් ඉදිරියට ගෙන ඒමත් මෙම ක්‍රීඩාව ජාතික මට්ටමින් ජනප්‍රිය කිරීමත් සහ දක්‍ෂ පැසිපන්දු ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් ජාතික පැසිපන්දු සංචිතයට ඇතුලත් කිරීමත්ය.
යුද හමුදාපතිවරයාගේ සහභාගීත්වයෙන් අවසන් තරගය ලබන සිකුරාදා (22) පැවැත්වීමට නියමිතය.
ජාතික මට්ටමින් මෙම ක්‍රීඩාවේ පුනර්ජීවනයක් ඇති කිරීමට යුද්ධ හමුදා පැසිපන්දු කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග සහ ලේකම් බ්‍රිගේඩියර් එම්.පී.එස්.පී කුලසේකර ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැසිපන්දු කමිටුව මගින් මෙම තරඟාවලිය සංවිධානය කරනු ලබයි.