ජේ එන් වන් නව කෝවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් රටවල් රැසකින් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.
නව කෝවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග බොහෝ රටවල් මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම යළි ආරම්භ කර තිබේ.
දෙසැම්බර් 4 වැනිදා සිට 10 වැනිදා දක්වා කාලය තුළ දී පමණක් ගිණිකොන දිග ආසියාවෙන් හමුවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 56000කට අධිකය.
ඇමෙරිකාව, සිංගප්පුරුව, චීනය, ඉන්දියාව, ඉන්දුනිසියාව හා යුරෝපා රටවල් වලින් ද නව ආසාදිතයින් හමුව තිබේ.
එම ආසාදිතයින් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
මේ අතර නව කෝවිඩ් ප්‍රභේදය ඉන්දියාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඊයේ දිනයේ පමණක් එරටින් හමුවී ඇති වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 519කි.