Home » Earthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි

Earthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි

by chanaka
December 20, 2023 2:31 pm 0 comment

ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට පාත්‍ර විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මාන උළෙලේදී Earthfoam කළමනාකාර අධ්‍යක්ෂ ජානුක කරුණාසේන මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

2022දී ඇරඹූ Earthfoam සමාගම සිය නිෂ්පාදන ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව ඇතුළු රටවල් රැසකට අපනයනය කරයි. ස්ථාවර, සුවපහසු, ආරක්‍ෂිත හා කල් පවත්නා රබර් මෙට්ට නිෂ්පාදනය කිරීමට ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයක් Earthfoam සමාගම භාවිත කරයි.

Earthfoam නිෂ්පාදනවල උසස් තත්ත්වයට බලපාන ප්‍රධානම සාධකය වන්නේ ප්‍රධානම අමුදුව්‍ය ලෙස ස්වාභාවික රබර් යොදා ගැනීමය. Earthfoam සමාගම සිය දේශීය ගොවීන් 1,200කට අධික පිරිසකට අයත් කාබනික රබර් වගාවලින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් සපයා ගනියි. එය ලෝකයේ විශාලම කාබනික රබර් වගා ජාලය ද වේ. ඒ සෑම රබර් වගාවක්ම Global Organic Latex Standard තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇති අතර, ඒවා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී එම ප්‍රදේශවල ජෛව විවිධත්වය ඉහළ නැංවීමට සහාය වේ. Earthfoam සමාගම වර්තමානයේදී රට පුරා අක්කර 10,000කට අධික ප්‍රමාණයකින් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ස්වාභාවික සහ කාබනික රබර් සපයා ගනී.

රබර් කර්මාන්තයට Fair for Life සහතිකය ලැබූ පළමු සමාගමද වන Earthfoam සමාගම කිරි කපන්නන්ගේ සුබසාධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වාර්ෂිකව රුපියල් මිලියන 50කට වැඩි වටිනාකමකින් යුතු ජීවිත රක්ෂණාවරණ පිරිනැමීම, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වීම සහ වෙනත් ප්‍රජා සංවර්ධන හා සවිබල ගැන්වීමේ වැඩසටහන් දියත් කිරීම ඒ යටතේ සිදු වේ.

Earthfoam සමාගමේ නවීන කර්මාන්තශාලාව හොරණ පිහිටා ඇති අතර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අවශ්‍ය රබර් අමුද්‍රව්‍ය නිපදවන Hexagon Asia පෞද්ගලික සමාගමට අයත් කර්මාන්තශාලාව ඇහැලියගොඩ පිහිටා ඇත. සිය නිෂ්පාදනවල කිසිදු පිරවුමක් හෝ මිශ්‍ර රබර් අඩංගු නොවන බව සහතික කිරීමට Earthfoam සමාගම සෑම විටම කටයුතු කරයි. Earthfoam සමාගම නිපදවන රබර් මෙට්ට අමෙරිකාවේ චිකාගෝ නුවර පිහිටි ඔවුන්ගේම කර්මාන්තශාලාවක් හරහා අමෙරිකානු වෙළෙඳපොළට නිකුත් කරයි. පසුගිය කාලය පුරා ඔවුන් දේශීය සහ ජාත්‍යන්තර සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලබා ඇත. Global Organic Textile Standard, Oeko-Tex Standard 100, GOLS සහ Fair for Life ඒ අතරින් කිහිපයකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT