Home » ලෝක බැංකුව දෙවැනි ණය වාරිකයත් නිදහස් කරයි

ලෝක බැංකුව දෙවැනි ණය වාරිකයත් නිදහස් කරයි

by chanaka
December 20, 2023 5:21 pm 0 comment

ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ඩොලර් මිලයන 500ක ණය මුදලෙහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඩොලර් මිලියන 250ක් ඒ යටතේ ශ්‍රී ලංකාවට හිමි වන අතර මීට පෙර එහි පළමු වාරිකය ලෙස ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 250ක් ලබා දීමට කටයුතු කර තිබුණි.

අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “Sri Lanka Resilience, Stability and Economic Turnaround Development Policy Operation” (RESET DPO) වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණි.

එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල ලබා දීමට කටයුතු කර තිබේ.

මේ අතර ලෝක බැංකුව පවසන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT