Home » ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් ඉල්ලයි

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් ඉල්ලයි

by yasara
December 20, 2023 11:43 am 0 comment

ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් සංවේදී වූ රාජ්‍ය යාන්ත්‍රණයක් සකස් කිරීමට සහය වන ලෙස ආබාධ සහිත තැනැත්තන් විසින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් ඉල්ලම් කර තිබෙයි

මෙසේ ආබාධ සහිත තැනැත්තන් විසින් ඉල්ලා සිටියේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී 1996 අංක 28 දරන ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත පරිච්ඡින්න කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දීර්ඝවශයෙන් සංසදයේ අවධානය යොමු වූ අතර ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය මේ සඳහා සහභාගී විය.

මෙහිදී යෝජිත නව පනත් කෙටුම්පතට අනුව ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොම්ෂන් සභාවක් පිහිටුවීම පිළිබඳ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස පෙන්වා දුන්හ.

මෙහිදී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේ ඉක්මනින්ම මෙම යෝජිත නව පනත් කෙටුම්පත පිළිබඳ අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවත් එසේම ජනාධිපතිවරයා සමග මේ පිළිබඳ පුලුල් සාකච්ඡාවක් ආබාධ සහිත තැනැත්තන්ගේද සහභාගීත්වයෙන් යුතුව පැවැත්වීමට කටයුතු කරන බවත් ය.

එසේම මේ මස (දෙසැම්බර්) සිට ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් රියදුරු බලපත්‍ර ලබාදීම සඳහා අවසර ලබාදී ඇති බවද මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී  අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.

මේ සඳහා සංසදයේ සාමාජික මන්ත්‍රීවරුන් වන  මධුර විතානගේ සහ  (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. එසේම සභාපතිවරයාගේ අවසරය මත රාජ්‍ය අමාත්‍ය  අනූප පස්කුවල් සහ  (මේජර්) සුදර්ශන දෙණිපිටිය යන මහත්වරු සහභාගී වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT