සබරගමුව පළාත් රාජ්‍ය කලා මහෝත්සවයේදී සාහිත්‍ය හා කලාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කළ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්ක දෙකේ පස්දෙනකු උදෙසා සබරගමු ලලිත කලාපති ස්වර්ණ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා (15) රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මහාචාර්ය පී.එම්. කරුණාරත්න බණ්ඩාර, මහාචාර්ය ශ්‍රියානි රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනිල් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිරිල් මීගම, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ගුණපාල විතානගේ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ සුනිල් විදානගේ යන මහත්ම මහත්මීන් සබරගමුව ලලිත කලාපති ස්වර්ණ සම්මානයෙන් මෙලෙස පිදුම් ලැබීය.
සම්මානලාභීන් වෙනුවෙන් ලබා දෙන මුදල් වැඩි කිරීමට මෙහිදී ආණ්ඩුකාර නවින් දිසානායක මහතා කටයුතු කරන ලදී. ඒ අනුව රුපියල් 25000 තිළිණ හා සම්මාන ලැබූවන් සඳහා රුපියල් 50000ක් ද, රුපියල් 7500ක් ද, රුපියල් 20000 දක්වා ද ලෙස මෙලෙස සම්මාන මුදල් වැඩි කරන ලදී.
මීට අමතරව 2023 වර්ෂයේ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාබාලතම බෙර වාදන ශිල්පියා ලෙස ජනාධිපති සම්මාන හිමි කර ගත් යොමාල් යශෝධ බණ්ඩාර සිසුවා ද මෙහිදී සම්මානයට පාත්‍ර විය.
මීට අමතරව පාසල් මට්ටමින් පැවති සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගද්‍ය, පද්‍ය, රචනා, කෙටිකතා, සාම්ප්‍රදායික චිත්‍ර, ප්‍රකාශන චිත්‍ර, ආලේඛ්‍ය චිත්‍ර සඳහා ද මෙහිදී සම්මාන පිරිනැමුණි. එමෙන්ම විවෘත අංශයෙන් පැවති සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් වූ කෙටිකතා, අත්පිටපත්, පද්‍ය නිර්මාණ, ගීත රචනා වෙනුවෙන් ද සම්මාන ප්‍රදානය සිදු විය.
රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ අන්තර් කලායතන නර්තන හා සංගීත තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත ද මෙහිදී සම්මාන පිරිනැමිණි.
සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් මෙය සංවිධානය කර තිබුණි. සබරගමුව ලලිත කලාපති ස්වර්ණ සම්මානය මහාචාර්ය ශ්‍රියාණි රාජපක්ෂ මහත්මිය වෙත සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා විසින් පිරිනැමු අවස්ථාව.
කහවත්ත – නිරෝෂණ පෙරේරා