Sunday, April 20, 2025
Home » බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරඟයෙන් ජයගත් සීතා දේවීන් ලංකාවට

බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරඟයෙන් ජයගත් සීතා දේවීන් ලංකාවට

by yasara
December 19, 2023 8:52 am 0 comment

තායිලන්තයේ සෂිකට් ප්‍රාන්තයේ පසුගිය 12 වැනිදා සිට  18 දක්වා පැවති බටහිර තූර්ය වාදන ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් එම තරගාවලියේ දෙවන ස්ථානයට හිමි රිදී පදක්කම දිනා ගෙන ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .

මෙම තරගාවලිය සදහා ලෝකයේ රටවල් 63 ක බටහිර තූර්ය වාදක කණ්ඩායම් 110 ක් සහභාගී වී සිටියහ .

සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් 26 දෙනෙකු සහ ගුරු භවතුන් 03 දෙනෙකු මෙම තරගාවලිය සදහා සහභාගී වීමට තායිලන්තය වෙත ගොස් සිටියහ .

මෙම ජයග්‍රහණය රැගත් මහනුවර සීතා දේවී බාළිකා විද්‍යාලයේ සිසුවියන් ඊයේ රාත්‍රී තායිලන්තයේ බැංකොක් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 140 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා එම විද්‍යාලයේ ගුරු භවතුන් සහ එම සිසුවියන්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT