Home » ගෙවල් 24ක් බිඳීම් කළ තිදෙනකු බඩුත් එක්ක මාට්ටු

ගෙවල් 24ක් බිඳීම් කළ තිදෙනකු බඩුත් එක්ක මාට්ටු

by sachintha
December 19, 2023 1:56 am 0 comment

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතා, වැටලීම් කළ නිලධාරීන් සහ පොලිස් භාරයට ගත් නඩු භාණ්ඩ සමඟ

රාත්‍රි කාලයේ ඉස්කුරුප්පු නියනක් අඬුවක් රැගෙන ගොස් ගෙවල් බිඳීම් විසිහතරක් සිදුකර රුපියල් ලක්ෂ තිහක පමණ දේපළ සොරකම් කළේ යැයි කියන තිදෙනෙකු සොරකම් කළ එම දේපළ සමඟ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජපක්ෂපුර සීදූව පදිංචි ශුභාෂන මධුෂාන් අධිකාරි අවු.(28) කැලුම්, ප්‍රියන්ත කුමාර (42) සහ දිවුලපිටිය පදිංචි නන්දසිරි සේපාල කුමාරසිංහ (47) යන තිදෙ‍ෙනකි. මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ සහ පොලිස් අධිකාරි (1) එරික් පෙරේරා යන මහතුන්ගේ පූර්ව අධීක්ෂණය යටතේ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක සුදත් ගුණවර්ධන යන අයගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් (5775) විජයනායක, පොලිස් කොස්තාපල්වරුන් වන (135377) ගයාන්, (104932) ජයරත්න, පොලිස් රියැදුරන් වන (89904) මදුසංක, (85409) ජයකොඩි යන නිලධාරීන් මෙම වැටලීමට එක්වූහ.

 

ඩී.මිහිඳුකුල – කොච්චිකඩේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT