Home » චීනයේ භූ කම්පනයකින් 100කට වැඩි පිරිසක් මරුට

චීනයේ භූ කම්පනයකින් 100කට වැඩි පිරිසක් මරුට

by chanaka
December 19, 2023 8:55 am 0 comment

වයඹ දිග චීනයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයින් 116 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 220දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධියෙන් 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත්, ඉන් අතරමන් වූ අය සෙවීමේ ‌මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවද පැවසේ.

ඊයේ(18) රාත්‍රියේ ඇතිව තිබෙන මෙම කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලතාවයකින් යුතු පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් හට ගෙන ඇතැයි සදහන් වේ.

එමඟින් ගන්සු පළාතේ සහ ෂිංහායි පළාතේ ගොඩනැගිලි විනාශ වී තිබේ. ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල විදුලිය හා ජල සැපයුම ද ඇණහිට ඇත.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා අගමැති ලී ච්‍යං මහතා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජීවිත හානි අවම කිරීම සඳහා, විපතට ලක්වූවන් කඩිනමින් මුදාගැනීමටත්, වෛද්‍ය සේවා සහතික කිරීමටත් උපරිම පියවර ගත යුතු බව ද දැනුම් දී තිබේ. ඒ අනුව, චීන රාජ්‍ය මණ්ඩලය විශේෂ ක්‍රියාකාරී කණ්ඩායමක් ආපදා ප්‍රදේශවලට යවා ඇත. භූමිකම්පා සහන මෙහෙයුම් විධිමත්ව ක්‍රියාත්මකයි.

පසුගිය සැප්තැම්බරයේ නිරිතදිග සිචුවාන් පළාතේ රිච්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවකින් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගියහ.

මිනිසුන් 200,000 කට වඩා මිය ගිය ගොංෂු හි 1920 භූමිකම්පාව 20 වන සියවසේ ලෝකයේ මාරාන්තිකම එකක් ලෙස ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT