ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස ඊයේ නිල වශයෙන් පත් කර තිබේ. ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමි ව ඇති මීට අදාළ පත්වීම් ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදී ඇත.
මේ පත්වීම සමඟ සනත් ජයසූරිය මහතා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය සමඟ ඍජුව කටයුතු කරන අතර, අවුරුදු 19න් පහළ කණ්ඩායම, ජාතික ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සියලු ජාතික සංචිත අධීක්ෂණය කිරීම සිදු කරනු ඇත. දැඩි පසුබෑමකට ලක්ව ඇති ක්‍රිකට් ගොඩගැනීම වෙනුවෙන් සකස් කරන සැලසුම් සඳහා සනත් මහතාගේ සහාය ලබා ගනු ඇති අතර, උපායමාර්ග සැලසුම් කිරීම, තාක්ෂණික අංශ මෙන්ම පුහුණුව, පුහුණු කිරීම සහ ජාතික කණ්ඩායමේ සංවර්ධන ව්‍යුහය සහ විශ්ලේෂණය කිරීම පිළිබඳ ඔහුගේ අවබෝධය ලබා දීම ඔහුගේ කටයුතු අතරට ඇතුළත් වෙයි.