ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 19න් පහළ තෙවැනි කොටසේ ටියර් ඒ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාල්ල විද්‍යාලෝක විදුහල සමත් විය. වත්තල සාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී විද්‍යාලෝක විදුහල හමුවේ පොලොන්නරුව රාජකීය විදුහල කඩුලු 8කින් පරාජය විය. පොලොන්නරුව රාජකීය විදුහලට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගාල්ල විද්‍යාලෝක විදුහලේ නායක දසුන් චමෝද් ලකුණු 16කට කඩුලු 5ක් දවාලමින් තම පිලේ ජයග්‍රහණයට වැඩි දායකත්වයක් දැක්වීය.
විද්‍යාලෝක විදුහල මේ ඉරිදා (17) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් තරගයේදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සමඟින් තරග වැදීමට නියමිතය.
පොලොන්නරුව රාජකීය – 70 (ඕවර 34.5) (දසුන් චමෝද් 16/5)
ගාල්ල විද්‍යාලෝක – 71/2 (ඕවර 13.4) දසුන් චමෝද් 23, ප්‍රගීත් බිම්සර නොදැවී 21