කළුතර දකුණ දුම්රිය ස්ථානය අසල හැඩල් ලොක්කර නවතා තබන යතුරුපැදි සූක්ෂම ලෙස කලක පටන් සොරකම් කළ පුද්ගලයකු යතුරුපැදි හතරක් සමග අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සමත් ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යතුරුපැදි අලුත්වැඩියා කරන්නෙකු බවද පොලිසිය කීය.
උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතාට ලද තොරතුරක් මත පයාගල ,මැටියලමුල්ල ප්‍රදේශයේ දී, සොරකම් කළ යතුරුපැදියකින්ම ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමෙන් පසු සොරකම් කළ තවත් යතුරුපැදි තුනක් සොයාගත් බව පොලිසිය කීය.
පයාගල, මලේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැව්රිදි සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් කුමාර යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි , ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී ආර් වීරසේන මහතාගේ මෙහෙයවීමෙන් සැරයන් වරුන්වන කුමාර (11700), කුමාරසිරි (4298 ) , කොස්තාපල් වරුන්වන ගුණවර්ධන ( 85848), අයි එස් ඉහළගේ (24504), උපුල් (95627), කුමාර (26974), ප්‍රනාන්දු (105073) පොකොරි තාරක (15307) වැටලීමට එක්වූහ .