Monday, April 21, 2025
Home » ඇඳක් යට නරක් වූ පිරිමි මළ සිරුරක්

ඇඳක් යට නරක් වූ පිරිමි මළ සිරුරක්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

නිකවැරටිය - ගයන්දි පමෝධා

නිකවැරටිය පොලිස් වසමේ නි‍ෙවසක ඇඳක් යට තිබී නරක් වූ පිරිමි මළ සිරුරක් 13දා සොයාගෙන ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි.

වයස අවුරුදු පනහක් වයසැති මෙම අවිවාහක පුද්ගලයා එම නි‍ෙවසේ තනිව ජීවත් වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය වූ ස්ථානය සහ සිරුර පරීක්ෂා කළ නිකවැරටිය වැඩ බලන මහේස්ත්‍රාත් මහින්ද කේ. හේරත් මහතා මෙම මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නිකවැරටිය මූලික රෝහලට රැගෙන යන ලෙසත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් 13දා සවස පොලිසියට නියෝග කළේය.

ඒ අනුව මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර පිළිබඳව වූ පශ්චාත් මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී 14 දා සිදු කිරීමට නියමිතව තිබුණි.

නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී.ජේ. නන්දන මහතාගේ උපදෙස් අනුව පොලිස් අධිකාරි වීරසිංහ මහතාගේ අධීක්ෂණයෙන් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සුබසිංහ මහතගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT