රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා ගෙන සාපරාධී විශ්වාසය කඩ කර සාවද්‍ය පරිහරණය කිරීම හා වංචා කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය වෙත ඉදිරිපත් කළ තැනැත්තෙකු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීමට ඊයේ (14) නියම කරනු ලැබුවාය.
හෙයියන්තුඩුව ගුණසේකර මාවතේ පදිංචි ලසන්ත සුගතදාස නමැත්තා මෙසේ ඇප මත මුදා හැරිණි. මෙහිදී කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් අරුණ කුමාර මහතා (27909) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ සඳහන් කළේය. Òමේ සැකකරු විසින් මීරිගම ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරුගෙන් එම මුදල ලබා ගෙන මඟ හැර සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් පුද්ගලයින්ගෙන් ද මේ ආකාරයට මුදල් ලබා ගෙන තිබෙන බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ සම්බන්ධව දැන් විමර්ශනය කර ගෙන යනවාÓ.
වැඩිදුර විභාගය ලබන මැයි මස 07 වැනි දිනට කල් තැබුණි. කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර මහතාගේ උපදෙස් අනුව නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් අරුණ කුමාර (27909), පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක (90071) සහ කුලසිංහ ( 10789 ) යන නිලධාරීහු විසින් පැමිණිල්ල මෙහෙය වූහ.