Home » යතුරුපැදියෙන් වැටුණු හමුදා සෙබළා කන්ටේනර් රියට බිලි

යතුරුපැදියෙන් වැටුණු හමුදා සෙබළා කන්ටේනර් රියට බිලි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

පාදුක්ක සමූහ රෙක්සි වෙත්තසිංහ

කඩුවෙල පොලිස් වසමේ නුවර පාරේ කැලණි පාලම අසළ දී පෙරේදා (13) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් යුද හමුදා සෙබළකු මිය ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව නුවරඑළිය, ශාන්තිපුර, අංක 08 හි පදිංචි එච්. නිශ්ශංක හෙට්ටිආරච්චි නමැති 32 හැවිරිදි යුද හමුදා සෙබළෙකි. පෙරේදා (13) පස්වරු 6.30ට පමණ යතුරුපැදිකරු බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියකින් කැලණි පාලම පසු කරමින් කඩුවෙල දෙසට ධාවනය කරමින් සිටිය දී, යතුරුපැදිය මාර්ගයේ පෙරළීමත් සමඟම ඒ අවස්ථාවේ මාර්ගයේ ධාවනය කළ කන්ටේනර් රථයක පිටුපස රෝදයට යතුරුපැදිකරු හසු වීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි.

රියැදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය. සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT