Monday, April 21, 2025
Home » ඌවතැන්නේ සුමන හිමිට නඩු පවරයි
කෝටි 10ක අගරු චෙක්පත් දීම 

ඌවතැන්නේ සුමන හිමිට නඩු පවරයි

by mahesh
December 15, 2023 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

පුද්ගලික සමාගමකට රුපියල් කෝටි දහයකට අධික වටිනාකමකින් යුත් අගරු චෙක්පත් ලබා දී වංචාවක් කළ බවට චෝදනා කරමින් ඌව තැන්නේ සුමන හිමිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (14) නඩු පැවරීය.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බවත්, ඒ අනුව චුදිතට එරෙහිව සාපරාධි දී සාවද්‍ය පරිහරණය යන චෝදනාව යටතේ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන බව දැනුම් දුන් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

චෙක්පත් වංචාව සම්බන්ධයෙන් ණය ආපසු අය කර ගැනීමේ පනත ප්‍රකාරව මෙම චුදිතට එරෙහිව නඩු හතරක් මෙම අධිකරණය හමුවේ ගොනු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමි අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මෙම නඩු හතර අධිකරණය හමුවේ කැඳවා චෝදනා පත්‍ර කියවා දෙනු ලැබූ අතර, එම සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව ඌවතැන්නේ සුමන හිමි විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළහ. ඒ අනුව සිද්ධියට අදාළ නඩු විභාගය ලබන මාර්තු මස 07 වැනිදාට කල් තැබූ අධිකරණය පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT