Wednesday, April 9, 2025
Home » ගුවන් යානයේදී දැරියකට අතවර කළැයි ඉන්දියානුවා රිමාන්ඩ්

ගුවන් යානයේදී දැරියකට අතවර කළැයි ඉන්දියානුවා රිමාන්ඩ්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

නිමන්ති රණසිංහ

සවුදි අරාබියේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානයක් තුළ බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි කියන ඉන්දියන් ජාතික තරුණයකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (14) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ භේදරඅයියා වදනපිල්ලේ නමැති හතළිස් නව හැවිරිදි ඉන්දීය ජාතික තරුණයෙකි. මෙම සැකකරු සිවිල් ගුවන් සේවා අධිකාරි පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන භාර දී ඇති අතර, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තිය ප්‍රකාරව අධිකරණයට ඉදිරිපත් කරන බව ගුවන්තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් මහතා වාර්තාවක් මඟින් කරුණු ඉදිරිපත් කර ඇත. සවුදි අරාබියේ රියාද් නුවර සිට මෙරටට පැමිණි යූ එල් 266 දරන ගුවන් යානයේ දී වයස අවුරුදු අටයි මාස දහයක බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බවට ගුවන් යානා කාර්ය මණ්ඩලය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT