Home » අය-වැයට වැට් බද්දට කථානායක අනුමැතිය

අය-වැයට වැට් බද්දට කථානායක අනුමැතිය

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

පාර්ලිමේන්තුවේ දී පෙරේදා (13) සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළේය.

එසේම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ මුදල් පනත් කෙටුම්පත්වලට ද කථානායකවරයා සිය සහතිකය (13) සටහන් කර ඇත.

ඒ අනුව 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, 2023 අංක 33 දරන මුදල් පනත සහ 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස මෙම පනත් කෙටුම්පත් බලාත්මක වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT