Saturday, April 19, 2025
Home » රට රැකියාවලට වසර 4කදී ලක්ෂ 7ක් ගිහින්

රට රැකියාවලට වසර 4කදී ලක්ෂ 7ක් ගිහින්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ආනන්ද විජේතිලක මාවතගම

විදේශ රැකියා සඳහා වසර 04ක් තුළ හත්ලක්ෂ තිස්දෙදහසක (7,32,000) පිරිසක් විදේශගත වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු අනාවරණය කළේය‍.

තොරතුරු දැන ගැනීමේ පනතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කුරුණෑගල කාර්යාලයෙන් ලබාගත් තොරතුරුවල ඒ බව සඳහන්ය. එම තොරතුරුවලට අනුව මෙම පිරිස විදේශගත වී ඇත්තේ ගෘහ සේවිකාවන්, සාත්තු සේවිකාවන්, කම්කරු වෘත්තිකයින්, විදුලි කාර්මික ශිල්පින් හා රියැදුරු ඇතුළු වෙනත් වෘත්තීන් සඳහා බව එම තොරතුරුවලින් වැඩිදුරටත් අනාවරණය වේ.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප‍්‍රදේශීය කාර්යාල 15ක් දිවයින පුරා පැතිරී ඇති අතර, මෙම කාර්යාලවල උපදෙස් ලබාගෙන ඒ අනුව නීත්‍යනුකූලව විදේශගත වූ පිරිස් බවද හෙළිවේ. ලෝකයේ පවතින ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ලබා ගැනීමට නම් මෙරට ශ‍්‍රම බළකාය ජාත්‍යන්තර ශ‍්‍රම වෙළඳ‍ෙපාළට ගැළපෙන ලෙස වෘත්තීය පුහුණුව හා කුසලතාවයෙන් සවිබල ගැන්වීම අනිවාර්ය වන අතර, ඒ සඳහා ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප‍්‍රදේශීය මධ්‍යස්ථාන 17ක් දිවයින පුරා පිහිටුවා ඇත. මෙසේ විදේශගත වී ඇති පිරිස 2020 වසරේ 59,000ක්, 2021 වසරේ 1,10,000ක්, 2022 වසරේ 3,11,000ක් සහ 2023 වසරේ මේ වන විට 2,52,000ක් පමණ වන බව එම තොරතුරුවල සඳහන්ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT