Home » ඈන් කුමරිය මෙරට සංචාරයක

ඈන් කුමරිය මෙරට සංචාරයක

by mahesh
December 15, 2023 12:59 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකා – එක්සත් රාජධානි රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව රාජකීය කුමරිය එළඹෙන ජනවාරි මාසයේ 10 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර, ජනවාරි 13 දා දක්වා ඇය මෙරට රැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.කුමරිය සමඟ ඇයගේ ස්වාමිපුරුෂයා වන වයිස් අද්මිරාල් ටිම් ලෝරන්ස් කුමරු ද මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කොට වසර 75ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධාන කරන සැමරුම් උත්සවය සඳහා රාජධානියේ රාජකීය ඈන් කුමරියට ආරාධනා කර තිබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT