Home » ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි තානාපති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවක්

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි තානාපති සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති හමුවක්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

රක්ෂණ ශ්‍රියන්ත

ශ්‍රී ලංකාවේ ඊජිප්තු අරාබි ජනරජ තානාපති Maged Mosleh මහතා පෙරේදා (13) ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

මේ හමුවේදී රාජ්‍ය ඇමැතිවරයා විසින් ඊජිප්තු තානාපතිවරයා උණුසුම් ලෙස පිළිගෙන සුහද කතාබහක නිරත විය.

දෙරටෙහි ආරක්‍ෂක සහයෝගීතාව, උපායමාර්ගික හවුල්කාරිත්වයන් සහ අන්‍යෝන්‍ය සහයෝගිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ කරුණු මෙහිදී සාකච්ඡා කළ අතර, ඊජිප්තුව සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන සබඳතා පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය තානාපතිවරයාගේ පැසසුමට ලක් විය.

තවද ද්වි-පාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව ඉදිරියට ගෙන යෑම සඳහා වන අන්‍යෝන්‍ය කැපවීම, ඊජිප්තු තානාපතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරයා අතර සිදු කළ මේ හමුව ඔස්සේ තවදුරටත් පිළිබිඹු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT