Home » රඹුක්කන ප්‍රාදේශීය මාධ්‍යවේදී ඔස්වල්ඩ් ගොඩකුඹුරගේ මව අභාවප්‍රාප්ත වෙයි

රඹුක්කන ප්‍රාදේශීය මාධ්‍යවේදී ඔස්වල්ඩ් ගොඩකුඹුරගේ මව අභාවප්‍රාප්ත වෙයි

by mahesh
December 15, 2023 12:59 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්

රඹුක්කන ලේක්හවුස් ප්‍රාදේශීය මාධ්‍යවේදී ඔස්වල්ඩ් ගොඩකුඹුර මහතාගේ ආදරණීය මෑණියන් වු විශ්‍රාමලත් පාඨශාලාචාරිනී හේමලතා මල්කාන්ති වික්‍රමරත්න මාතාව පෙරේදා (13) අභාවප්‍රාප්ත වුවාය.

නැසී ගිය හිටපු විදුහල්පතිවරයකු වු මයිකල් ගොඩකුඹුර මහතාගේ ආදරණීය බිරිය වු හේමලතා මහත්මිය මිය යන විට 90 වියෙහි පසු වුවාය.

රඹුක්කන, වැලිගමුව සමෘද්ධි කලාප කළමනාකරු ලෙස සේවය කරන සනත් ගොඩකුඹුර, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කෑගල්ල ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාර සේවා නිලධාරි සහ ලේක්හවුස් රඹුක්කන ප්‍රාදේශීය මාධ්‍යවේදී ඔස්වල්ඩ් ගොඩකුඹුර මහත්වරුන්ගේ ආදරණීය මෑණියන් ද වේ.

දේහය දැනට රඹුක්කන, හේවාදීවෙල, ගොඩකුඹුර ලිපිනයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (15) සවස 4ට රඹුක්කන ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT