Home » ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි උද්ඝෝෂණය කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15කට සැසිවාරය තහනම්

ඉන්දීය පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳවැටී ඇතැයි උද්ඝෝෂණය කළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 15කට සැසිවාරය තහනම්

by mahesh
December 15, 2023 1:00 am 0 comment

ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ සභා ගර්භයට ඇතුළු වූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ වැටී ඇතැයි විරෝධතාවක නිරත වූ විපක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනකුගේ පාර්ලිමේන්තු සහභාගීත්වය අත්හිටුවීමට කතානායකවරයා පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍යවේදින් ලෙස වෙස්වලා ගෙන පැමිණි බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා දහවල් පාර්ලිමේන්තු ගැලරියේ සිට සභා ගර්භගයට කඩා පැන මේ දුම් බෝම්බ දමා ගසා තිබිණි. පාර්ලිමේන්තුවෙන් පිටත දී දුම් බෝම්බ දල්වමින් උද්ඝෝෂණයේ නිරත වූ තවත් පුද්ගලයන් දෙදෙනකු ද ඇතුළුව පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඕනෑම බාහිර පුද්ගලයකු පාර්ලිමේන්තුවට පිවිසීමට පෙර ආරක්ෂක පරීක්ෂාවන් 5කට මුහුණ දිය යුතු බැවින්, මේ සිදුවීමෙන් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව බිඳ වැටී ඇතැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතාවක නිරතවී ඇති අතර, මේ සිදුවීම පිළිබඳ අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් සහ ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂාගෙන් ප්‍රකාශයක් ඉල්ලා එම විරෝධතාවට එක්වූ විපක්ෂයේ මන්ත්‍රීවරු උද්ඝෝෂණය කර ඇතැයි ද වාර්තා වේ. සටන් පාඨ කියමින් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේදී උද්ඝෝෂණය කළ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගේ සහ පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු 14 දෙනකුගේ පාර්ලිමේන්තු සහභාගිත්වය සැසිවාරය අවසන් වන දෙසැම්බර් 22 දක්වා අත්හිටුවීමට කතානායකවරයා පියවර ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. පාර්ලිමේන්තු සහභාගිත්වය අත්හිටුවනු ලැබූ මන්ත්‍රීවරුන් අතර කොන්ග්‍රසය සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් වැනි විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරු සිටින බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT